Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්ධන මිල සංශෝධනය කරයි.

මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය තිබේ. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 311කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 283ක් වනු ඇත. ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් අඩු කර ඇති අතර, එම නව මිල රුපියල් 319කි. ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 183කි.

Related posts

Bangladesh axe Soumya in further T20 overhaul

Mohamed Dilsad

ஜனாதிபதி மோட்டார் போக்குவரத்து திணைக்களத்திற்கு விஜயம்

Mohamed Dilsad

බන්ධනාගාරගත වන්නන්ගෙන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සහ මත්ද්‍රව්‍ය අළෙවිකරුවන්

Editor O

Leave a Comment