Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීම ගැන විපක්ෂයේ සියලු කණ්ඩායම් සමග සාකච්ඡා කරනවා – එජාප සභාපති වජිර අබේවර්ධන

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා විපක්ෂයේ සියලු කණ්ඩායම් එක්ව තරඟ කිරීම රටට යහපත් බව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි. ගාල්ලේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් වජිර අබේවර්ධන මහතා එසේ පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා මෙසේ ද කීවේය. ”සියයට 42%ක් සහ සියයට 58%ක් ප්‍රතිශතය දිහා බැලුවාම අපිට පේනවා, විපක්ෂය සමගිව කටයුතු කිරීමේ වැදගත්කම. අපි උත්සාහ කරනවා විපක්ෂයේ සියලු පාර්ශ්ව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට. පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීම පිළිබඳව මේ වන විට සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරනවා. ඉක්මනින්ම රටට යහපත් තීරණයක් ගන්න අපි උත්සාහ කරනවා. ”

Related posts

சிறுமியொருவரை நீருக்குள் இழுத்த கடற்சிங்கம்

Mohamed Dilsad

Sri Lanka bundled out for 181

Mohamed Dilsad

“Gov. diverting attention from constitution” – Muzammil

Mohamed Dilsad

Leave a Comment