Trending Newsඑසැන පුවත්දේශීය

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරයි.

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ඔක්තෝබර් 01 දා සිට 14 වන දින දක්වා සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) මධ්‍යම රාත්‍රියේදී නිකුත් වූ අතර එම ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බව සඳහන්.

එමෙන්ම සියලු විදුහල්පතිවරුන් වෙත අයදුම්පත් එවීම සඳහා ලබාදී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිත කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගත හැකියි.

මෙම ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදුකිරීමට අවශ්‍යනම් 1911 ක්ෂණික දුරකථන අංකයෙන් හෝ 011 2 785 922, 0112 786 616, 011 2 784 208 හෝ 011 2 784 537 යන අංක ඇමතීමෙන් විමසීම් කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

2023 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 452,979 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 387,648ක් පාසල් අයදුම්කරුවන් ය. පෞද්ගලික අයදුම්කරුවන් 65,331 දෙනෙකුද මෙවර විභාගය සඳහා පෙනී සිටියහ.

Related posts

ශ්‍රී ලංකාව සහ කුවේටය අතර ගුවන් ගමන් දින කිහිපයකට අත්හිටුවයි

Mohamed Dilsad

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකුට පත්වීම් [RELEASE]

Mohamed Dilsad

General Electric signs 1 billion riyal deal to build gas turbines in Saudi Arabia

Mohamed Dilsad

Leave a Comment