Trending News

විශ්වවිද්‍යාල නවකවදය පිටු දකින්න නීති ගෙන ඒමට සැලසුම් – කෙටුම්පත සකසන්නැයි අගවිනිසුරුගෙන් නියෝගයක්

රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවද සිද්ධීන් පිටුදැකීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. නවක වදයෙන් පීඩාවට පත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවෙකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවු අවස්ථාවේයි එම කරුණු අනාවරණය විය.

රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවද සිද්ධීන් පිටුදැකීමේ මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් 2020 වසරේ ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ නවක වද සිද්ධියකින් පීඩාවට පත් පසිඳු හර්ෂණ සිල්වා නමැති සිසුවා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය පැවසුවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිදුවන නවකවද සිද්ධීන් වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බවයි. මෙහිදී අගවිනිසුරුවරයා සඳහන් කළේ එම මාර්ගෝපදේශ මාලාව සියලු විශ්වවිද්‍යාල වෙත යොමු කොට සංශෝධන යෝජනා වේ නම් ඒවාද ලබාගෙන අවසන් කෙටුම්පත සකස් කරන ලෙසයි.

Related posts

எதிர்வரும் ஞாயிற்றுக் கிழமை, கொழும்பில் உள்ள அனைத்து உணவகங்களும் மூடல்

Mohamed Dilsad

කැබිනට් සංශෝධනය අදයි

Mohamed Dilsad

රටවල් 12ක පුරවැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරයි.

Editor O

Leave a Comment