Trending News

කැබිනට් සංශෝධනය අදයි

(උදයම්,කොළඹ)   –  යහපාලන රජයේ පළමු අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද සිදු කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සියලුම කැබිනට් මෙන්ම රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට අද පෙරවරු 8.30ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙසයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දැනුම් දී ඇත.

අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳව ඊයේ පස්වරුවේ අවසන් වරට  ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡා පැවති අතර එහිදී එකඟතාවයකට පැමිණ තිබේ.

මේ අතර වත්මන් රජයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු ඊයේ රාත්‍රී 9.30ට පමණ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවුහ.

මෙම සාකච්ඡාව රාත්‍රී 10.45පමණ වනතෙක් පවත්වා තිබේ.
මෙහිදී අද දින සිදුවීමට නියමිත කැබිනට් සංශෝධනය පිළිබඳවත් අදහස් දක්වා ඇති අතර  එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදී ඇති අමාත්‍ය ධුරවල වෙනසක් සිදු නොවන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

විශේෂයෙන්  මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය ධුර, විදේශ කටයුතු අමාත්‍ය ධුරය ,පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ඉඩම් අමාත්‍ය ධුරය, සඳහා පිලිවෙලින්  මංගල සමරවීර මහතා ,රවී කරුණානායක මහතා සහ ගයන්ත කරුණාතිලක මහතා  පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද දේශපාලන ආරංචි මාර්ග  සඳහන් කරයි.

Related posts

Special Representative of Chinese State Council meets PM

Mohamed Dilsad

Trump to meet Pope and Italian leaders

Mohamed Dilsad

England hammer India to win ODI series

Mohamed Dilsad

Leave a Comment