Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

වඳුරු උණ ඉන්දියාවටත් : නවතම ප්‍රභේදයක ආසාදිතයෙක් හමුවෙයි.

වඳුරු උණ හෙවත් ‘එම්ෆොක්ස් හි නව ප්‍රභේදය වැළඳුන ආසාදිතයෙක් ඉන්දියාවෙන් වාර්තාවී ඇතැයි සඳහන්. මෙම වසංගතය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මහජන සෞඛ්‍ය හදිසි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබේ.

ඉන්දියාවෙන් වාර්තාවී ඇති ආසාදිතයා ‘”එම්ෆොක්ස් ක්ලේඩ් 1 බී ” ලෙස හඳුන්වා තිබේ. එම ආසාදිතයා ඩුබායි සිට පැමිණි කේරළයේ මලප්පුරම් හි 38 හැවිරිදි පුද්ගලයෙකු බවද සඳහන්. මෙම ප්‍රභේදයට අයත් ආසාදිතයෙක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි. .

ආසාදිතයා රෝහල්ගත කර ඇත. එම පුද්ගලයා ඇසුරු කළ අය සොයා බලා නිරීක්ෂණය කරන බවද එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරයි. වඳුරු උණ හෙවත් එම්ෆොක්ස් වේදනාකාරී සමේ තුවාල ඇති කරන බෝවන වෛරසයකි.

වඳුරු උණ සේ ම එහි නව ප්‍රභේදය ද සොයාගනු ලැබුවේ අප්‍රිකා කලාපයෙනි. පසුව එය ස්වීඩනය, තායිලන්තය සහ පාකිස්තානය ඇතුළු අප්‍රිකානු මහාද්වීපයෙන් පිටත රටවලට ද ව්‍යාප්ත වී ඇති වංසගතයකි.

Related posts

காணாமல் போனோர் தொடர்பான தெளிவான விபரங்கள் குறித்து பிரதமர் கருத்து

Mohamed Dilsad

General amnesty given to illegal migrant workers in Saudi concludes on June 25

Mohamed Dilsad

සියළුම දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනයට

Mohamed Dilsad

Leave a Comment