Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

කුලියාපිටියේ වාහන කර්මාන්තශාලාව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සැප් : 17 දා විවෘත කෙරේ. දිනකට වාහන 25ක් එකලස් කෙරේ.

යහපාලන ආණ්ඩුව සමයේ සහ ඉන්පසු මෑතක් වන තුරු දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් වූ කුලියාපිටිය වොක්සවැගන් කර්මාන්තශාලාව මේ වන විට යථාර්ථයක් බවට පත්වී තිබේ. ඒ අනුව වෙස්ටන් ඔටෝ මොබයිල් ආයතනය විසින් කුලියාපිටියේදී වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සියලු කටයුතු යොදා ඇතැයි සඳහන්.

කුලියාපිටිය ප්‍රදේශයේ අලුතින් ස්ථාපිත කළ ආසියාවේ විශාලතම වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව, සැප්තැම්බර් 17 (හෙට) දිනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිත ව ඇතැයි හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි. අද (16) උදෑසන පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ
බව සඳහන් කළේය.

මෙම කර්මාන්තශාලාව මඟින් ඍජු රැකියා දහසක් සහ වක්‍ර රැකියා දහසක් පමණ නිර්මාණය බවත්, දිනකට වාහන 25ක් පමණ මෙම කර්මාන්ත ශාලාවේ එකලස් කරන බවද හෙතෙම කීවේය. මෙම කර්මාන්තශාලාව මඟින් වෙළඳපොළට නිකුත් කරන වාහන විදෙස් රටවලින් ගෙන් වූ වාහනවලට වඩා අඩු මුදලකට මිලදී ගත හැකි බව ද කාරියවසම් මහතා සඳහන් කළේය. මේ ආයතනයට යාබදව, යාන්ත්‍රික තාක්ෂණ පුහුණු ආයතනයක් ඉදිරියේදී ස්ථාපිත කරන බවත්, එමගින් රථවාහන තාක්ෂණික පුහුණුව ලබාදෙන බවද කීවේය. වෙස්ටර්න් ඔටෝ මොබයිල් ආයතනයේ එකලස් කරන වාහන විදේශයෙන් ආනයනය කරන වාහනවලට සාපේක්ෂව අඩු මුදලකට ලබා ගත හැකි බවද ඔහු සඳහන් කළේය.

Related posts

වර්ෂ අසූදහසකට වරක් දැකිය හැකි වල්ගා තරුව

Editor O

ගාල්ලේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි [PHOTOS]

Mohamed Dilsad

Late President Ranasinghe Premadasa commemorated

Mohamed Dilsad

Leave a Comment