Trending Newsඑසැන පුවත්දේශීය

මිලාද් උන් නබිතුමන්ගේ ජන්ම දිනය අදයි.

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබේ. මේ වෙනුවෙන් ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් විවිධ සැමරුම් උත්සව පැවැත්වේ. ක්‍රිස්තු පූර්ව පන්සිය හැත්තෑ එකේ දී උපන් නබිතුමා වසර හැටතුනක කාලයක් ජීවත් වෙමින් විශාල සමාජ, ආගමික සේවාවක් සිදුකළ බව සඳහන්.

ඉස්ලාම් හර පද්ධතියක් ඇතිකිරීමෙහි නියමුවා වන්නේ ද නබිතුමන්ය. නබි නායකතුමා හතළිස් වන වියෙහි දී මුහම්මද් නබිතුමා ලෙසින් අවසන් නබිතුමා වශයෙන් තෝරා පත්කරගෙන ඇති බව ද ඉතිහාසයේ සඳහන්. මේ අනුව නබිතුමාගේ ජන්ම දිනය ඉස්ලාම් බැතිමතුන්ගේ විශේෂ දිනයක් ලෙසයි ඔවුන් සලකන්නේ.

තම පෞද්ගලික ජීවිතය තුළින් අන්අයට ආදර්ශයක් වූ මුහම්මද්තුමා සිය අනුගාමිකයන්ට ආදරය හා භක්තියේ වැදගත්කම කියා දුන්නා. නබිතුමා සමාජයේ ඇති නැති පරතරය නැති කර සමානාත්මතාවට කැපවී ක්‍රියා කළ අයෙකු ලෙස සඳහන්.

ඒ හේතුවෙන් දුප්පත් අයට සංග්‍රහ කිරීමට බොහෝ ඉස්ලාම් භක්තිකයන් මෙම දිනයේ දී කටයුතු කරනවා. ඉතිහාසයේ බොහෝ පාලකයින් නබිනායක තුමාගේ දේශපාලන දර්ශනය තුළින් තම පාලනය ගෙන ගිය බව ද ඉතිහාසයේ සඳහන්.

ලොව පුරා විවිධ රටවල නබි නායක තුමාගේ ජන්ම දිනය සැමරීම සිදුකරන අතර ශ්‍රී ලංකාවේ ද ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි.

Related posts

Hong Kong extradition: Debate over bill delayed amid protests

Mohamed Dilsad

ஊழியர்களது விடுமுறைகள் இரத்து

Mohamed Dilsad

பிணைமுறி மோசடி விவகாரம்; தொலைபேசி உரையாடல் அறிக்கை பெற உத்தரவு

Mohamed Dilsad

Leave a Comment