Trending Newsඑසැන පුවත්දේශීය

එක රටක් තුළ උපරීම බලය බෙදීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

එක රටක් තුළ උපරිම බලය බෙදීම සිය ප්‍රතිපත්තිය බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. යාපනයේ මනිපායි ප්‍රදේශයේ පැවති ජනරැළියකදී සජිත් ප්‍රේමදාස මහතා එසේ පැවසීය.

එක රටක් තුළ උපරිම බලය බෙදීම, කෙටි කාලයක් තුළදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම. පළාත් සභා සතු බලය මධ්‍යම අණ්ඩුවට ලබා නොගැනීම සහ උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පැවැත්වීම. මෙන්ම මේ ප්‍රතිපත්ති පදනම් කරගෙන අනිවාර්යයෙන්ම උතුරු පළාත නැගෙනහිර පළාත කේන්ද්‍රීයකරගෙන යුද්ධය නිසා විශාල හානීයක් සිදු වුණු ඔබගේ ජන ජීවිත ශක්තිමත් කරන්නට අපි අනිවාර්යයෙන් කැප වෙනවා කියන එක මේ අවස්තාවේ ප්‍රකාශ කරනවා. ප්‍රදේශයේ පවතින සියලු පාසල් ස්මාට් පංති කාමර සහිත පාසල් බවට වැඩි දියුණු කරනවා. රෝහල් පද්ධතියේ පහසුමක් වැඩිකර සෞඛ්‍ය සේවාව දියුණු කරනවා යැයි ද කීවේය.

Related posts

IDH රෝහලට ඇතුළත් කළ සිව්දෙනාට කොරෝනා වැළදී නැති බව තහවුරුයි

Mohamed Dilsad

විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය 13 වනදා ජනතාවට විවෘතයි

Mohamed Dilsad

මන්ත්‍රී මුජිබර් රහුමාන් වත්මන් දේශපාලනය ගැන කියන කතා

Mohamed Dilsad

Leave a Comment