Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන් 71 දෙනෙක් මේ වන විට දිවයිනට

ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන් 71 දෙනෙක් මේ වන විට දිවයිනට පැමිණ ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඉන් 43 දෙනෙක් යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින්ය.

එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයන් 22 දෙදෙනෙක් ද මේ වන විට දිවයිනට පැමිණ ඇති අතර ඇන්ෆ්‍රෙල් සංවිධානයෙන් පැමිණ ඇති නිරීක්ෂකයන් සංඛ්‍යාව 06කි.

ඊට අමතරව යුරෝපා සංගම් නිරීක්ෂකයින් 34 දෙනෙක් සහ ඇන්ෆ්‍රෙල් සංවිධානයේ 3 දෙනෙක් ඉදිරියේදී දිවයිනට පැමිණීමට නියමිත බව සඳහන්. අසල්වැසි රටවල නියෝජිතයින් 7 දෙනෙක්ද මෙවර මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා එක් වී සිටින බව සඳහන්. දිවයිනට පැමිණ සිටින නිරීක්ෂණ කණ්ඩායම් මැතිවරණ දිස්ත්‍රික්ක 22ම නියෝජනය වන පරිදි පූර්ව නිරීක්ෂණ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙන බව මැතිවරණ කොමිසම පවසයි.

Related posts

විදුලි ගාස්තු සංශෝධනය ගැන ජනපතිගෙන් මහානායක හිමිවරුන්ට ලිපියක්

Mohamed Dilsad

ඡන්දදායක සංගණනය පිළිබඳ දැනුම්දීමක්

Editor O

Travel ban for Venezuela Opposition Head

Mohamed Dilsad

Leave a Comment