Trending Newsඑසැන පුවත්දේශීය

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණත්: නාම ලේඛනයේ නම තියෙන අයට ඡන්දය ප්‍රකාශ කළ හැකියි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව තමන්ට නොලැබුණද, ඡන්ද නාම ලේඛනයේ නම ලියාපදිංචිව තිබේනම් තමන්ට අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ දී , අනන්‍යතාව සහතික කිරීමෙන් පසු ඡන්දය ප්‍රකාශ කළ හැකි බව පැෆරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කරයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මේ දිනවල බෙදා හරිමින් තිබෙනවා. ඒක තමයි අපිට ලැබෙන ආරාධනා පත්‍රය. හැබැයි මේ ආරාධනා පත්‍රය ලැබුණත් නොලැබුණත් එය ඔබට ඡන්දය පාවිච්චි කිරීම සඳහා බාධාවක් වෙන්නේ නෑ. අපි විශ්වාස කරනවා සෑම ඡන්ද දායකයෙකුගේම අතට මේ ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබෙයි කියලා.  තමන්ගේ ඡන්ද පොළ තමන් දන්නවා නම්, තමන්ගේ නම ඡන්ද නාම ලේඛනයේ ලියාපදිංචි වෙලා තියෙනවා නම් තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරන්න මැතිවරණ කොමිෂමට ඉදිරිපත් කරන ලේඛනවලින් එකක් හෝ ඔබ සතුව තිබෙනවා නම් ඔබට ඡන්දය පාවිච්චි කළ හැකියි. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඔබට පහසුවක් වේවි ඔබේ ඡන්ද මධ්‍යස්ථානය සහ ඔබේ අංකය හඳුනාගැනීම සඳහා. හැබැයි ඒක ඔබට නොලැබුණත් කිසිවෙක් ඒ සම්බන්ධයෙන් බිය වියයුතු වන්නේ නෑ. ඡන්දය පාවිච්චි කිරීමට එය බරපතළ බාධාවක් වෙන්නේ නැහැ

Related posts

Tourism in Sri Lanka takes a hit following violence and attacks

Mohamed Dilsad

Mahinda applied for MCC grant in 2014 – Marikkar reveals

Mohamed Dilsad

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළට

Editor O

Leave a Comment