Trending Newsඑසැන පුවත්දේශීය

නුවරඑළිය දිස්ත්‍රික්කයට කර්මාන්ත කලාපයක් : තරුණ ප්‍රජාවට රැකියා – සජිත් ප්‍රේමදාස

මලෛයගම් ප්‍රජාවට වෙනම ගම්උදා සංකල්පයක් ආරම්භ කරන බව සමගි ජනබලවේග‌යේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තලවාකැලේ ප්‍රදේශයේ අද (08) පැවැති ජනහමුවක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා ඒ බව සඳහන් කළේය. .

සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය. නිවසක සහ ඉඩමක අයිතිය ලබාදෙමින්, කුඩා තේවතු හිමියෙකුගේ තත්ත්වයට, වතු ජනතාව පත්කරන අතර, එම සංකල්පය ක්‍රියාත්මක කිරීමෙන්, වතුකම්කරුවන්ගේ නිවාස ගැටලු විසඳීමට කටයුතු යොදනවා.. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කර්මාන්ත නවෝදයක් ඇතිකරන රැකියා අවස්ථා රැසක් උත්පාදනය කරන බවද කීවේය.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තරුණ ප්‍රජාව ඉළක්ක කරගනිමින් කර්මාන්ත ශාලා පිහිටුවීමට පියවර ගන්න බවද, සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයට නව විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

Related posts

ව්‍යාජ මුදල් සහ විදෙස් ගමන්බලපත්‍ර තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

Editor O

Minister Sajith formally writes to Premier regarding candidacy

Mohamed Dilsad

NFF withdraws from Constitutional Assembly

Mohamed Dilsad

Leave a Comment