Trending Newsඑසැන පුවත්දේශීය

ව්‍යාජ මුදල් සහ විදෙස් ගමන්බලපත්‍ර තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

(UTV | කොළඹ) –

ව්‍යාජ මුදල්, සහ රබර් මුද්‍රා ළඟ තබාගෙන සිටි කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ⁣ගෙන ඇතැයි ජා-ඇළ පොලීසිය කියයි.  ⁣එම කාන්තාව සන්තයේ තිබී වෙනත් පුද්ගලයෙක් ට අයත්, හැඳුනුම්පතක්ද සොයාගෙන තිබේ.

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්යාංශ නිලධාරීන් වැටලීම සිදු කර තිබේ.

එහිදී ව්‍යාජ රුපියල් 5,000 නෝට්ටුවක් , විවිධ රබර් මුද්‍රා 11 ක් පොලිස්බාරයට ගෙන තිබේ.

වෙනත් පුද්ගලයෙකුට අයත් ජාතික හැඳුනුම්පතක් සහ රියදුරු බලපත්‍රයක් ද, විදේශ ගමන් බලපත්‍ර 08 ක් ද, බැංකු පොත් කිහිපයක් ද සැකකාරිය සන්තකයේ තිබී සොයාගත් බව පොලීසිය කියයි. ජාඇල පොලීසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

Aquaman begins shooting this week in Australia

Mohamed Dilsad

මෙරට කොරෝනා අසාදිතයන් ගණන 34 දක්වා ඉහළට

Mohamed Dilsad

Pakistan Joint Chief of Defence Staff, General Hayat meets with the President

Mohamed Dilsad

Leave a Comment