Trending Newsඑසැන පුවත්දේශීය

පෘථිවියෙන් වාර්තා වූ උණුසුම්ම කාලය මෙම වසරේ ග්‍රීෂ්ම සමයයි- කොපර් නිකස් දේශගුණික විපර්යාස සේවාව

මෙතෙක් පෘථිවියෙන් වාර්තා වී තිබූ උණුසුම්ම කාල පරිච්ඡේදය මෙම වසරේ ග්‍රීෂ්ම සමය බව කොපර් නිකස් දේශගුණික විපර්යාස සේවාව සඳහන් කරයි. එම කාලයේ පැවැති අධික උෂ්ණත්වය මෙතෙක් යුරෝපයෙන් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය ද වන බව සඳහන්. එය 1991 – 2000 කාලපරිච්ඡේදයේ වාර්තා වූ අධික උෂ්ණත්වයේ සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 1.54කින් වැඩි බවද සඳහන්. මෙම වසරේ ග්‍රීෂ්ම සමයේ උෂ්ණත්වය 2022 වසරේ පැවැති මෙතෙක් පෘථිවියෙන් වාර්තා වී තිබූ අධික උෂ්ණත්වය ද ඉක්මවා ගොස් ඇතැයි ද එම ආයතනය සඳහන් කරයි.

සාමාන්‍යයෙන් ලොව ග්‍රීෂ්ම සමය ඇරඹෙනුයේ ජුනි 20 හෝ 21 වැනිදායි. ලොව පුරා රටවල් විසින් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 නොඉක්ම වන අගයක පවත්වා ගෙන යාමට එකඟත්වය පළකර තිබේ. කෙසේ වෙතත් පසුගිය අගෝස්තු මාසය, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 එකදිගට ඉක්මවූ 13 වැනි මාසය වූ බවද කොපර් නිකස් දේශගුණික විපර්යාස සේවාව අනාවරණ කරයි.

ගෝලීය උණුසුම වැඩි වීමට මුල්ව ඇති කාබන් ඇතුළු හරිතාගාර වායුන් මිනිසා විසින් වැඩි වශයෙන් පරිසරයට මුදාහැරීම හේතුවෙන් ගෝලීය උණුසුම තවදුරටත් වැඩි වෙමින් තිබේ. එය දේශගුණික විපර්යාසයන් හටගැනීමට මගපාදා ඇති බව ද විද්‍යාඥයින් සඳහන් කරයි.

Related posts

Tamil Nadu parties slam Sirisena for dissolution of Sri Lankan Parliament

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 190 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

මෝසමක් සලකාබැලීමට අධිකරණයෙන් දිනයක්

Mohamed Dilsad

Leave a Comment