Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සාර්ව ආර්ථික සමුළුවේ සත්කාරකත්වයට ශ්‍රී ලංකා මහ බැංකුව එකතු වෙයි.

සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව,ආසියානු සංවර්ධන බැංකු ආයතනය හා ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒ්කාබද්ධව පස්වන වසර සඳහාත් අඛණ්ඩව සමසත්කාරකත්වය ලබා තිබේ.

ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ සහ ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයේ සහයෝගය ද ඒ සඳහා ලැබී තිබේ. ‘ආසියාවේ සහ පැසිෆික් කලාපයේ උද්ධමනය සහ විනිමය අනුපාත ප්‍රවණතා’ මෙවර සමුළුවේ තේමාවයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමුළුයේ සමාරම්භක දේශනය ඉදිරිපත් කරමින් විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සම්බන්ධ කරගනිමින් සහයෝගී පර්යේෂණවල නියලීමේ ඇති වැදගත්කම මෙහිදී අවධාරණය කළේය. දියුණු ආර්ථිකයක් තුළ ශ්‍රම වෙළෙඳපොළවල පීඩන ක්‍රමයන් පහව යෑමත්ව, බලශක්ති මිල ගණන් වල අපේක්ෂිත පහත වැටිමත් සමඟ ගෝලිය උද්ධමනය මාධ්‍යස්ථ වනු ඇති බවද අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ, ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ සහ ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයේ කර්තෘවරුන් විසින් පර්යේෂණ පත්‍රිකා හයක් ඉදිරිපත් කරන ලද තාක්ෂණික සැසිවාර දෙකකින් මෙම සමුළුව සමන්විත වී තිබේ.

Related posts

මෙරට කොරෝනාවෙන් සුවය ලැබූ ගණන ඉහලට

Mohamed Dilsad

මෙවර ඇසළ පෙරහරට අලි ඇතුන් අඩු වෙයි

Mohamed Dilsad

லபுதுவ உயர் தொழில்நுட்ப நிறுவனத்திற்கு பூட்டு

Mohamed Dilsad

Leave a Comment