Trending News

රටේ අනාගතය ගැන කතා කිරීමට නොහැකි පුද්ගලයින්ට රටේ අනාගතය භාර ගැනීමට අයිතියක් නැහැ – ජනාධිපති

රටේ අනාගතය ගැන කතා කිරීමට නොහැකි පුද්ගලයින්ට රටේ අනාගතය භාර ගැනීමට අයිතියක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකර සිටියේ ජාතික බැංකුකරුවන්ගේ සංගමය විසින් “බුද්ධිමත් නායකත්වයක් සමඟ බැංකුකරුවෝ” යන තේමාව යටතේ සංවිධානය කළ බැංකුකරුවන් සහ මූල්‍ය කටයුතු පිළිබඳ සමුළුව අමතම්න්.

එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ රටේ අනාගතයේ භාරගත හැක්කේ රටේ අනාගතය ගැන කතා කරන අයට පමණක් බවයි. මෙරට ව්‍යාපාරිකයන් සහ කර්මාන්තකරුවන් අපනයනය සඳහා යොමු විය යුතු බව අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබුණත්, ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ශ්‍රී ලංකාව එළැඹ තිබෙන නිදහස් ‍වෙළෙඳ ගිවිසුම් අවලංගු කරන බව සඳහන් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, නිදහස් වෙළෙඳ ගිවිසුම්වලින් තොරව අපනයන ආර්ථිකයක් ඇති කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියා. ඡන්දදායකයින් ලෙස මේ පිළිබඳ හොඳින් අවධානය යොමුකර සිය තීරණය ගත යුතු බවත්, රටක් ලෙස වෙනස් වීමට සූදානම් නම් අනෙකුත් ක්ෂේත්‍රවල ද වෙනස්කම් ද සිදු කළ හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

Related posts

Sri Lanka to strengthen cooperation with EU bank

Mohamed Dilsad

Israel-Poland spat: Swastikas drawn on Polish embassy in Tel Aviv

Mohamed Dilsad

ශ්‍රී පාදය වන්දනා කළ හිටපු ජනාධිපති

Editor O

Leave a Comment