Trending Newsඑසැන පුවත්දේශීය

ජනපති අපේක්ෂකයෝ 6 දෙනෙක් එක වේදිකාවක

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණය සඳහා ප්‍රචාරණ කටයුතු දැනටම ආරම්භ කර සිටින ප්‍රධාන අපේක්ෂකයින් 06 දෙනෙකු එකම වේදිකාවකට කැඳවා “ඇයි මම ඡන්දයට එන්නේ?” ඇතුළු විශේෂ වැඩසටහනක් සැප්තැම්බර් 07 වෙනිදා සවස 3 සිට 5 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිත බව පැෆරල් සංවිධානය කියයි.

මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, නාමල් රාජපක්ෂ, දෙමළ පොදු අපේක්ෂක අරියනේත්‍රන් සහ ව්‍යවසායක දිලිත් ජයවීර යන මහත්වරු සහභාගී වීමට නියමිත බව සඳහන්.

එම අපේක්ෂයින්ගෙන් දෙදෙනෙකු දැනටමත් වැඩසටහනට පැමිණීමට කැමැත්ත පළ කර තිබෙන බවයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ව්‍යාපාරය හෙවත් පැෆරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මෙහිදී මෙම පිරිසට මූලික අවස්ථාවේදී තමන් රට හදන ක්‍රමය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අවස්ථාව ලබාදෙන බවත් පසුව ජනතාව විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රශ්න ඔවුන් වෙත ඉදිරිපත් කරන බවයි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

Related posts

நியூசிலாந்து நகரில் இன்று துக்க தினம் அனுஷ்டிப்பு…

Mohamed Dilsad

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

තේරීම් බාර නිලධාරීන් මැතිවරණ කොමිෂමට කැඳවයි.

Editor O

Leave a Comment