Trending Newsඑසැන පුවත්දේශීය

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 22 වැනිදා එළිදැක්වේ.

(UTV | කොළඹ) –

සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 22 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වීමට නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේය.

එමෙන්ම රට ඉදිරියට ගෙන යන දැක්ම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත වන බවත්, රට නවීන රාජ්‍යයක් විදිහට ඉදිරියට ගෙන යන ආකාරය හා රටේ ආර්ථික තත්ත්වය නගා ගොඩනගා ගනිමින් ඉදිරියට යන ආකාරය උපාය මාර්ගික වැඩසටහන සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් එළිදැක්වෙනු ඇති.

ප්‍රතිපත්තියක් නොමැති කණ්ඩායමකට රජයක් පවත්වාගෙන යා නොහැකි බවත් රජයක් ගෙන යෑමට නම් දක්ෂ නායකයෙක් , කණ්ඩායමක් , ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් ඒ සියලු සාධක තිබෙන්නේ සමගි ජනසන්ධානය සතුව බවද, හෙතෙම සඳහන් කළේය.

Related posts

பட்டாசுகள் தயாரிப்பு மற்றும் விற்பனைக்கு தடை இல்லை

Mohamed Dilsad

කොවිඩ් ආසාදිත මළ සිරුරු 09 ක් භූමදාන කෙරේ

Mohamed Dilsad

தேயிலை தொழிலாளர்களது பிரச்சினைகள் தொடர்பில் ஆராய ஜனாதிபதியினால் குழு நியமனம்

Mohamed Dilsad

Leave a Comment