Trending Newsඑසැන පුවත්දේශීය

නිශාන්ත මුතුහෙට්ටිගම ට එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ධූරයක්.

(UTV | කොළඹ) –

බද්දේගම ආසනයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා එජාප ගාල්ල දිස්ත්‍රික් සංවිධායක ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (19) පත්වීම් ලබාගත්තේය.
මෙයට අමතරව, පාර්ලිමේන්තු මන්ත්රී ඉෂාක් රහුමාන් මහතා අනුරාධපුර දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයෙක් ලෙසද, හිටපු අමාත්ය පී. හැරිසන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඩබ්ලිව්. බී. ඒකනායක යන මහත්වරුන් අනුරාධපුර දිස්ත්රික් සංවිධායකයින් ලෙස පත්වීම් ලබා ගත්තේය.
හම්බන්තොට දිස්ත්රික් සංවිධායකවරු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ජී. තිස්ස කුට්ටිආරච්චි, පී.දේවක වීරසිංහ මහත්වරු, ද ජනාධිපති අතින් පත්වීම් ලබාගත්තේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කලාප සංවිධායකවරුන් ලෙස නව පත්වීම් ලිපි ප්රදානය කිරීමත් අද (19) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදු වූ අතර මෙහිදී නව කලාප සංවිධායකවරුන් 295 දෙනෙකු පත්වීම් ලිපි ලබාගත්හ.

Related posts

ஜனாதிபதி தேர்தல் களத்தில் சமல் ராஜபக்ஸ

Mohamed Dilsad

அரசாங்க பங்குடமை மாநாட்டில் ஜனாதிபதி

Mohamed Dilsad

திருகோணமலையில் இடம்பெற்ற விபத்தில் 2 இளைஞர்கள் உயிரிழப்பு

Mohamed Dilsad

Leave a Comment