Trending Newsඑසැන පුවත්දේශීය

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (19) රාත්‍රී

(UTV | කොළඹ) –

මහනුවර දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (19) පස්වරුවේ වීදි සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.  පස්වරු 6.57ට යෙදෙන සුභ මුහුර්තියෙන් ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමට නියමිත අතර ඉන්දිරාජා ඇතු පිටින් සධාතුක කරඬුව වැඩම කරවනු ඇති.

ශ්‍රී දළදා මාලිඟාව අබියසින් උතුරු දිශාභිමුඛව ගමන් ආරම්භ කරන පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතයි.

අවසන් රන්දෝලි මහ පෙරහර ගෙවැදීමෙන් පසු සාධාතුක කරඬුව පසුදින දහවල් දක්වා අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තැබෙන අතර සාධාතුක කරඬුව දළදා මාලිගාවේ වැඩසිටින කුටියෙන් පිටත ස්ථානයක තැන්පත් කෙරෙන එකම අවස්ථාව මෙය වන අතර එහි දී රැය පහන්වන තෙක් විශේෂ පුද සිරිත් ඉෂ්ඨ කරනු ඇත.

ගැටඹේ දියකපනා තොටේ දී දිය කැපීමේ මංගල්‍යය සිදු කිරීමෙන් පසු දේවාල පෙරහර හෙට (20) දින දහවල් මහනුවර සෙල්ව විනයාගර් කෝවිල අභියසින් ආරම්භ වීමට නියමිතයි.

දේවාල පෙරහර දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය, කන්දේ වීදිය ඔස්සේ ගමන් ගෙන ආදාහන මළුව ගෙඩිගේ විහාරස්ථානයේ සිට ගමන් ආරම්භ කරන දළදා මාලිගාවේ පෙරහර සමඟ මහනුවර නගර සභා හන්දියේ දී සම්බන්ධ වන අතර අනතුරුව දවල් පෙරහර ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන මාලිගා චතුරස්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිනා කොට ගෙවැදීමට නියමිතව තිබෙනවා.

Related posts

Special Commodity Levy on imported onions, potatoes reduced

Mohamed Dilsad

මෙරට කොරෝනා මරණ ගණන 94 දක්වා ඉහළට

Mohamed Dilsad

රජිනිකාන්ත්ට දිවයිනට එන්නයි ආරාධනයක්

Mohamed Dilsad

Leave a Comment