Trending Newsඑසැන පුවත්දේශීය

රටට වරද්දපු භීෂණ කල්ලිය පරාජය කළ යුතුයි – පාඨලී චම්පික

(UTV | කොළඹ) –

රටේ භීෂණය ඇති කර, කැරළි කෝලහාලවලින් රට විනාසයට ගෙන ගිය සියයට 3% කල්ලිය නිසා, රට ලබාගෙන තිබූ බිලියන 37 ණය මුදල මෙන් පස් ගුණයක් රටට අහිමිව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

මනත්‍රීවරයා මෙසේ ද කීවේය. රට මේ වන තෙක් ණය වී තිබෙන මුදල රුපියල් බිලියන 37ක් පමණක් බවත් නමුත් ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල නිසා, එල් ටී ටී ඊ කැරැල්ල නිසා රට ලබාගෙන තිබෙන බිලියන 37ක ණය මුදල මෙන් පස්ගුණයක් රටට අහිමි වෙලා.

රටට වරද්දපු තැන මෙම  කල්ලි දෙකම සිටින බවත් එයින් එක පාර්ශ්වයක් රටේ දරුවන්ට අයිස්, කුඩු, එතනෝල් ආදී මත්ද්‍රව්‍ය අලෙවි කර ඒ හරහා ගෙන ගිය දේශපාලනය තුළින් රට විනාශ කළා. අනෙක් කල්ලිය රටේ භීෂණ ඇතිකර, ලේ ගලන විප්ලව හරහා, කැරලි කෝලහාල තුලින් රට විනාශ මුඛයට ඇද දැමුවා.

එළඹෙන සැප්තැම්බර් 21 වන දින සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ රට හදන වැඩපිළිවෙලට මනාපය පළකිරීම තුළින් රට අගාදයට ඇද දැමූ දේශපාලන අංශ කල්ලි දෙකම එකවර පරාජය කිරීමට ජනතාවට සුවිශේෂී අවස්ථාවක් ලැබී තිබෙනවා.

Related posts

President urges the international community to look at Sri Lanka with a fresh perspective

Mohamed Dilsad

இரண்டாம் நாள் முடிவில் மேற்கிந்திய தீவுகள் 414 ஓட்டங்கள்

Mohamed Dilsad

ආණ්ඩු පක්ෂ 11හේ නායකයින් මහ නාහිමිවරුන් හමුවට

Mohamed Dilsad

Leave a Comment