Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඉන්දන බෙදාහැරීමේ අර්බුධයක්….?

ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වෙනත් පාර්ශවයක් වෙත අත්තනෝමතික ලෙස ලබා පියවර ගනිමින් සිටින් බව එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ භාණ්ඩාගාරික ජගත් පරාක්‍රම මහතා පැවසුවේ, මෙම වැඩපිළිවල ක්‍රියාත්මක වුවහොත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අර්බුදයට ලක්විය හැකි බවය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, ඉන්ධන ප්‍රවාහනයත් ඒකාධිකාරියකට යටත් කිරීමට උත්සාහයක් පවතින බවය.

“මේ වෙලාවේ ඉතාම විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා බවුසර් රථහිමියන්ට. මෙතෙක් කාලයක් තොග ගබඩාවලට බවුසර් රථවලින් තෙල් ඇද්දේ අපේ බවුසර් රථහිමියන් විසින්. මොකද අපි තමා මේ ලංකාවේ ප්‍රධානතම ප්‍රවාහන සේවාව කරන්නේ. අපි තෙල් ඇද්දේ නැත්නම් වෙන කිසිම කෙනෙක්ට දුවන්න තෙල් හම්බවෙන්නේ නෑ. නමුත් පහුගිය වසර දෙක තුනක කාලයේ සිට මේ ව්‍යාපාරය ගජමිතුරු ව්‍යාපාරිකයින් දෙතුන් දෙනෙකුට පවරලා දෙන්න ලෑස්ති වෙලා තිබුණා. අපි සංගමයක් විදියට මැදිහත් වෙලා කාලයක් පුරා ඒක නවත්තාගෙන තිබුණා. නමුත් මේ අවස්ථාවේ තමන්ගේ ගජමිතුරන් කිහිපදෙනෙකුට මේ ප්‍රවාහන සේවය පවරලා දෙන්න තමා මේ හදන්නේ. 

බවුසර් එකක් දෙකක් තියෙන බවුසර් රථහිමියන් තමා, ගොඩක් වෙලාවට මේ ව්‍යාපාරයේ යෙදෙන්නේ. බවුසර් රථහිමියෝ 400 – 500ක් විතර මේ සංගමයේ ඉන්නවා. නමුත් මේ අය නියමු ව්‍යාපෘතියක් විදියට කොළඹ සහ මුතුරාජවෙල ඉඳලා කුරුණෑගල පර්යන්තය දක්වා තෙල් ප්‍රවාහනය කිරීම ටෙන්ඩර් මඟින් එක් මුදලාලි කෙනෙකුට භාරදෙන්න හදනවා. මෙහෙම ගියොත් අන්තිමට වෙන්නේ අනෙක් ප්‍රවාහන සේවාවන්ට සිදුවුණ දේ තමා. ඒ නිසා මේක වහාම නවත්තලා සාමාන්‍ය පරිදි ප්‍රවාහන සේවා ඒකාධිකාරියකට යටත් කරන්නේ නැතුව පොදු ජනතාවගේ සේවාවක් ලෙස කරන් යන්න අවස්ථාව දෙන්න.”

Related posts

6 பேக் வைக்க போகும் சமந்தா?

Mohamed Dilsad

ඩේසි ෆොරස්ට් මහත්මියගේ පාර්ශ්වයෙන් පැමිණිල්ලක්…?

Editor O

Traffic lane law to be firmly enforced in 2-weeks from today

Mohamed Dilsad

Leave a Comment