Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

(UTV | කොළඹ) –

අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 07කින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයගත්හ. ඊයේ (11) ඩබ්ලින් හිදී පැවති දෙරට අතර තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව අයර්ලන්ත කණ්ඩායමට ලබා දුන්නේය. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 145ක් ලබා ගත්හ.

අනතුරුව ලකුණු 146ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 16 පන්දු 04ක් අවසානයේ දී කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 149ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළහ.

එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරතවූ හර්ෂිතා සමරවික්‍රම පන්දු 45කදී නොදැවී ලකුණු 86ක් ලබා ගත්තාය. දෙරට අතර දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගය හෙට (13) පැවැත්වීමට නියමිතයි.

Related posts

දේශිය පොල්තෙල් මිළ වැඩි කරන්න සූදානමක් නැහැ

Mohamed Dilsad

මගී ගුවන් යානා දිවයිනට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

සිව් දිනක් තුළ 95,550 කට කොරෝනා එන්නත ලබාදෙයි

Mohamed Dilsad

Leave a Comment