Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රටේ දරුවන් තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගන්වන වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා – විපක්ෂ නායක

(UTV | කොළඹ) –

හම්බන්තොට වරාය මෙරට වැදගත්ම ආර්ථික සංධිස්ථානයක් බවට පත් කිරීමට තම ආණ්ඩුවක් යටතේ සැලසුම් කර ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා පවසයි.  සමගි විහිදුම් බළඝණයේ හම්බන්තොට දිස්ත්‍රික් සමුළුවට සහභාගී වෙමින් විපක්ෂ නායකවරයා ඊයේ (10) එම අදහස් පළ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය. ජාත්‍යන්තර ආයෝජන හරහා මෙරට ඇති අසාර්ථක ව්‍යාපෘතී සාර්ථක ව්‍යාපෘති බවට පත් කරන්න තමා මෙන්ම තමාගේ කණ්ඩායම සුදානමින් සිටිනවා. ඒ වගේම ආර්ථික වශයෙන් ක්‍රියාකාරී ව්‍යාපෘති හඳුනාගෙන එම ආයෝජකයන්ට වැඩි අවස්ථා ලබාදී රට තුළ රැකියා අවස්ථා ඇති කරනවා.

ඒ වගේම, නූතන ශීඝ්‍ර තාක්ෂණික විප්ලවය තුළ සාම්ප්‍රදායික රැකියා ඉවත් වන නිසා අපේ දුවා දරුවන් නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කළ යුතු බවත් තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගැන්විය යුතු බවත් රටේ දරුවන් සුහුරු පුරවැසියකු බවට පත් කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් රටේ ඇති සියලුම යොවුන් සේනාංක, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ආදිය සුහුරු තරුණයන් ගොඩනගන මධ්‍යස්ථාන බවට පත් කරන බවත් ඒ තුළින් තරුණ තරුණියන් දේශපාලනඥයන් පසුපස නොයා මෙම නොමිලේ පුහුණුව හා උසස් අධ්‍යාපනය නිසා මෙරටත් විදේශයේත් ඉහළම රැකියා ලබා ගැනීමේ හැකියාව ලැබෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

Uni. students’ protest causes traffic congestion in Town Hall

Mohamed Dilsad

කොවිඩ් පාලනයට දිස්ත්‍රික්ක 25ට හමුදා නිලධාරීන් පත් කෙරේ

Mohamed Dilsad

ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් අධිකරණය අද දුන් නියෝගය

Mohamed Dilsad

Leave a Comment