Trending Newsඑසැන පුවත්දේශීය

පොළොන්නරුව පොහොට්ටු පළාත් සභා සහ පළාත් පාලන නියෝජිත බහුතර සහාය රනිල්ට

(UTV | කොළඹ) –

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු ජනාධිපතිවරණයේදී  රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. පොළොන්නරුව ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ මහජන නියෝජිතයන් මෙම තීරණයට එළඹී බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා සඳහන් කරයි.

පොළොන්නරුව, මැදිරිගිරිය හා මින්නේරිය යන මැතිවරණ බලප්‍රදේශවල පළාත් පාලන ආසන සංඛ්‍යාව 08කි. නගර සභාවක් වන අතර, ප්‍රාදේශිය සභා 07කි. එහි හිටපු පළාත් පාලන මන්ත්‍රීවරු 96 දෙනෙකු මේ සාකච්ඡාවට සහභාගී වූහ.

රැස්ව සිටි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන පොහොට්ටු මහජන නියෝජිතයන් අත ඔසවා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව තීරණය කර තිබේ.

Related posts

කොවිඩ් නව වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණීම වලක්වා තිබෙනවා – සෞඛ්‍ය අංශය

Mohamed Dilsad

UK couple who named baby after Hitler jailed for terror group membership

Mohamed Dilsad

විදේශයන්හි සිටින ලාංකිකයින්ගේ සුභසාධන කටයුතු ගැන විදේශ අමාත්‍යාංශය සොයා බලයි

Mohamed Dilsad

Leave a Comment