Trending Newsඑසැන පුවත්දේශීය

පොළොන්නරුව පොහොට්ටු පළාත් සභා සහ පළාත් පාලන නියෝජිත බහුතර සහාය රනිල්ට

(UTV | කොළඹ) –

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු ජනාධිපතිවරණයේදී  රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. පොළොන්නරුව ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ මහජන නියෝජිතයන් මෙම තීරණයට එළඹී බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා සඳහන් කරයි.

පොළොන්නරුව, මැදිරිගිරිය හා මින්නේරිය යන මැතිවරණ බලප්‍රදේශවල පළාත් පාලන ආසන සංඛ්‍යාව 08කි. නගර සභාවක් වන අතර, ප්‍රාදේශිය සභා 07කි. එහි හිටපු පළාත් පාලන මන්ත්‍රීවරු 96 දෙනෙකු මේ සාකච්ඡාවට සහභාගී වූහ.

රැස්ව සිටි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන පොහොට්ටු මහජන නියෝජිතයන් අත ඔසවා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව තීරණය කර තිබේ.

Related posts

Rainfall to enhance over coming days

Mohamed Dilsad

STF Commandant Latiff retires today

Mohamed Dilsad

ஆர்ப்பாட்டம் காரணமாக வீதிக்கு பூட்டு

Mohamed Dilsad

Leave a Comment