දේශීය

විදේශයන්හි සිටින ලාංකිකයින්ගේ සුභසාධන කටයුතු ගැන විදේශ අමාත්‍යාංශය සොයා බලයි

(UTV | කොළඹ) –  විදේශ සබඳතා අමාත්‍යාංශය, එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්ම සහ ආරක්ෂාව සඳහා පහසුකම් සැලසීම සඳහා, පසුගිය දින දෙක තුළදී ලොව වටා නගර 67 ක පිහිටි තම දූත මණ්ඩලවල ප්‍රධානීන් සමඟ සාකච්ඡා පවත්වා ඇත.

කොවිඩ් 19 වසංගතය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම සහ ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට ඇති නොහැකියාව මධ්‍යයේ එතෙර සිටින ලාංකිකයින්ගේ සැලකිල්ලට බඳුන්වන කරුණු පිළිබඳව සංවේදී වෙමින්, ඉදිරි දිනවල දී ඔවුන් වෙත පැමිණිය හැකි ඕනෑම හදිසි අවශ්‍යතාවයක් සඳහා සූදානමින් යුතුව අදාළ සාකච්ඡාවන් සිදුකොට ඇත.

මේ අතර, මාර්තු 26 වැනි දින විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් දියත් කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’ නව මාර්ගගත වෙබ් ද්වාරය තුළ මේ දක්වා විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් 45,770 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණයක් මැද පෙරදිග සිටින්නන් වෙති. විමසීම් 1,955 ක් ද මෙම ද්වාරය වෙත යොමු කරනු ලැබ ඒවාට පිළිතුරු සපයා තිබීම ද සැලකිය යුතු කරුණකි.

එතෙර සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ට මෙම අමාත්‍යංශය සහ එහි දූත මණ්ඩල වෙත සිය අදහස් හා සැලකිළිමත් වන කරුණු ප්‍රකාශ කිරීම සඳහා මෙම ද්වාරය සෘජු අතුරු මුහුණතක් වන අතර, එය විදේශ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය (ICTA) එක්ව නිර්මාණය කරන ලද්දකි.

මෙම අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.mfa.gov.lk මත පිහිටුවා ඇති අතර, www.contactsrilanka.mfa.gov.lk මඟින් ද ඊට පිවිසිය හැකිය.

Related posts

විදේශ රටවල, ශ්‍රී ලංකා දූත මණ්ඩල රාජකාරී සඳහා මාලිමා ආණ්ඩුවෙන් දේශපාලන පත්වීම් දීලා.

Editor O

විදෙස්ගතව සිට පැමිණෙන්නන් සියල්ලන්ට දින 14 ක නිරෝධායන කාලසීමාවක්

Mohamed Dilsad

වසා දැමුනු ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ඩ්‍රෝන තාක්ෂණය

Mohamed Dilsad

Leave a Comment