Trending Newsඑසැන පුවත්දේශීය

කාර්යය මණ්ඩලය බඳවා ගන්නා බවට අන්තර්ජාලයේ ඇති දැන්වීම අසත්‍යයක් – මැතිවරණ කොමිෂන් සභාව

(UTV | කොළඹ) –

මැතිවරණ කොමිෂන් සභාවට, නව කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සඳහා අයැදුම්පත් කැඳවන බව පවසමින් ව්‍යාජ දැන්වීමක් හුවමාරු වෙමින් ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.

එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොළ මහතා පැවසුවේ, එකී දැන්වීම සහිත සබැඳිය විවෘත කිරීමෙන් වළකින ලෙසයි. එය සයිබර් වංචාවක් විය හැකි බවත් ඒ හරහා ඔබගේ පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශ්වයන් අතට පත්විය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

මැතිවරණ කොමිෂමේ නව තනතුරු සඳහා නව නිලධාරී මණ්ඩලයක් බඳවා ගැනීම සම්බන්ධයෙන් ප්‍රචාරය වන තොරතුරු අසත්‍ය බවත්, මැතිවරණ කාලයක එවැනි නව බ‍්ඳවා ගැනීම් නොකරන බවද මැතිවරණ කොමිෂම අවධාරණය කරයි.

Related posts

சன்னி லியோனுக்கு மெழுகு சிலை

Mohamed Dilsad

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දත්ත රෙකෝඩරය මව් සමාගමට

Mohamed Dilsad

එළිමහන් සංගීත ප්‍රසංගවලටත් අවසර

Mohamed Dilsad

Leave a Comment