Trending Newsඑසැන පුවත්දේශීය

විදෙස් ගමන් බලපත්‍ර ගැන පාඨලීගෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) –

මහජන ආරක්ෂක අමාත්‍ය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවට අවම වශයෙන් රටේ මිනිසුන් අතීතයේ සිට භුක්ති විඳි විදෙස් ගමන් බලපත්‍රයවත් නිකුත් කරගන්නට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් මෙම ආයතනය ගලවාගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් ඔහු එහිදී ඉල්ලීමක් කළේය.

මෙම විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක හරහා අලුත් ජාවාරමක් සිදුවෙනවාද යන්න සැකයක් ඇති බවත්, ඒ පිළිබඳව විමර්ශයෙන් පසුවන බවත් පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

මේ එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, “රටේ ජනතාවට මේ පාස්පෝට් එක ලබාදෙන්න.. නැත්නම් මේ ජාවාරම නතර කරන්නට අපි ඉදිරි කාලයේදී අධිකරණමය වශයෙනුත්, සමාජමය වශයෙනුත් මැදිහත් වෙනවා.. මේ රටේ දේශසීමාව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් අදාළ මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඇති කරලා තිබෙනවා.. අපි දැක්කා පසුගිය දෙසැම්බර් මාසයේ හිටි අඩියේ එතෙක් අනුගමනය කරමින් තිබුණු ඔන්ලයින් වීසා ක්‍රමය එක පාරට නතර කරලා දාලා, ඒ සඳහා අලුත් ක්‍රියාදාමයක් හඳුන්වා දෙන්න උත්සාහ කළා.. පසුව ඒ තත්ත්වය වෙනස් වෙලා නැවත පරණ ක්‍රමයට ගිහිල්ලා ආයෙත් මේ වසරේ අප්‍රේල් මාසයේ 17 වෙනිදා සිට අලුත් ඔන්ලයින් වීසා ක්‍රමයක් හඳුන්වා දීලා.. රටේ දේශ සීමාව බාර දීලා තියෙන ආගමන විගමන නිලධාරීන්ගෙන් එය උදුරාගෙන ඉන්දියානු සමාගමකට ඒක පවරා දුන්නා.. ඕක තමයි මේ රටේ මේ වර්තමාන කාලයේ සිදුවෙච්ච ලොකුම දේශද්‍රෝහීත්වය.. අපි මේ රටේ දේශසීමා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙනී ඉන්න සැබෑ දේශප්‍රේමීන්..

මේ රටේ ව්‍යාජ දේශප්‍රේමීන් ඉන්නවා.. මේ රට ගැන බිය වද්දමින් නොයෙක් ආකාරයේ දේශපාලන ප්‍රයෝග කරමින්, කූඨ නාටක හදමින් හිටපු දේශප්‍රේමීන් ඉන්නවා.. ඒ දේශප්‍රේමීන් සියලු දෙනාම මේ රටේ දේශ සීමාව, විදේශික සමාගමකට පවරා දීම ගැන නිහඬයි.. ඒකයි අපි කියන්නේ මේ රටේ දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි.. විටින් විට එන මේ දේශප්‍රේමීන්ගේ දේශමාමකත්වය දැන් අපිට හොඳට පේනවා.. ඒ වගේම මේ හරහා දැවැන්ත වංචාවක් වුණා කියන එක පිළිබඳ කරුණු සහගතව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා.. මං නැවතත් අවධාරණය කරනවා ඊ වීසා වංචාව තමයි ලංකා ඉතිහාසයේ සිදු වෙච්ච විශාලතම වංචාව.. ඩොලර් බිලියන දෙකයි දශම හතයි දෙකක් ඉන්දියාවේ පෙට්ටි කඩයක් පවත්වාගෙන යන අයි වී එස් ආයතනයට ඒ වගේම අපි කවුරුවත් නොදන්නා විදේශ සමාගමක් වන ජී බී එස් කියන සිංගප්පූරුවේ සමාගමකට කිසිම ආකාරයක විධිමත් අධ්‍යයනයකින් තොරව මේ මහා වංචාව සිදුවෙලා තියෙනවා.. මේ මහා වංචාව අධිකරණය විසින් දැන් තාවකාලිකව නතර කරලා තියෙනවා.. නමුත් වංචනිකයින් අද තමන්ගේ බලය පාවිච්චි කරලා, අධිකරණයට උඩින් ක්‍රියාත්මක වෙමින් තියෙනවා.. මේ තත්ත්වය වෙනස් කරගැනීමට සමස්ත මහජනයාගෙන්ම අපි ඉල්ලා සිටිනවා.. මේ දැන් ඔබ මැදිහත්විය යුතු කාලයයි.. අර අරගල, මේ අරගල ගැන කතා කර කර හිටියා.. මේ ඔබ, ඔබේ දේශසීමාව, මව්බිමේ දේශසීමාව රැකගැනීම සඳහා ඉදිරිපත් විය යුතු කාලයයි..”

Related posts

Biggest Sri Lankan business delegation at London’s CBF

Mohamed Dilsad

“China – Sri Lanka FTA talks progressing smoothly as bilateral trade grows faster” – Minister Bathiudeen

Mohamed Dilsad

தமிழகத்தில் இருந்து இலங்கைக்கு தப்பிவர முயன்றவர் கைது

Mohamed Dilsad

Leave a Comment