Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතට කථානායකගේ අනුමැතිය

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව, තමා විසින් 2024 අගෝස්තු 08 දින “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” නමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ  (09) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේය.

උක්ත පනත් කෙටුම්පත 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත ලෙස 2024 අගෝස්තු 08 වැනි දින සිට බලාත්මක වේ. ඒ අනුව එම පනත් කෙටුම්පත 2024 මැයි 22 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය පසුගිය ජූලි 25 වැනිදා ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත කෙරිණ.

Related posts

සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කිරීමට දුන් කාලය යළි දීර්ඝ කරයි

Mohamed Dilsad

පාසල් යළි ඇරඹීමෙන් පසු අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් සකස් කිරීමට උපදෙස්

Mohamed Dilsad

“Hajj signifies peace, brotherhood” – President

Mohamed Dilsad

Leave a Comment