Trending Newsඑසැන පුවත්දේශීය

මනූෂ සහ හරීන් ඇමති තනතුරුවලින් ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) –

මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරු සිය ඇමතිධූරවලින් ඉල්ලා අස්වී තීබේ. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) දිනයේ නිකුත්කළ නියෝගය අනුවයි. මාධ්‍ය හමුවක් අද (09) සවස පත්වමින් මන්ත්‍රීවරු දෙපළ ඇමති තනතුරුවලින් ඉවත් වන බව සඳහන් කළහ.

මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයේ කටයුතු කළ අතර හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා හා තරුණ කටයුතු, සංචාරක හා ඉඩම් අමාත්‍ය ධුරයේ කටයුතු කළේය.

පවත්වමින් ඔවුන් දෙදෙනා පැවසුවේ අධිකරණ තීන්දුව පිළිබඳව කනගාටුවක් නොමැති අතර, අමාත්‍ය ධුරයේ කටයුතු කළ කාලසීමාව තුළ හැකි උපරිමයෙන් එහි වගකීම් ඉටු කිරීමට හැකි වූ බවය.

මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය පක්ෂය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කිරීමත් සමග ඔවුන්ට මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි විය.

 

 

Related posts

பழைய முறையிலேயே தேர்தல் நடத்தப்பட வேண்டும் – சிறுபான்மை கட்சிகள், பிரதமரிடம் வலியுறுத்தல்

Mohamed Dilsad

රැකියා සදහා තෝරා ගත් උපාධිධාරින්ගේ මාර්තු මස අභ්‍යයාසලාභි දීමනාව බැංකු ගිණුමට

Mohamed Dilsad

Pakistani business chamber seeks to expand two-way trade with Sri Lanka

Mohamed Dilsad

Leave a Comment