Trending Newsඑසැන පුවත්දේශීය

මනූෂ සහ හරීන් ඇමති තනතුරුවලින් ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) –

මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරු සිය ඇමතිධූරවලින් ඉල්ලා අස්වී තීබේ. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) දිනයේ නිකුත්කළ නියෝගය අනුවයි. මාධ්‍ය හමුවක් අද (09) සවස පත්වමින් මන්ත්‍රීවරු දෙපළ ඇමති තනතුරුවලින් ඉවත් වන බව සඳහන් කළහ.

මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයේ කටයුතු කළ අතර හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා හා තරුණ කටයුතු, සංචාරක හා ඉඩම් අමාත්‍ය ධුරයේ කටයුතු කළේය.

පවත්වමින් ඔවුන් දෙදෙනා පැවසුවේ අධිකරණ තීන්දුව පිළිබඳව කනගාටුවක් නොමැති අතර, අමාත්‍ය ධුරයේ කටයුතු කළ කාලසීමාව තුළ හැකි උපරිමයෙන් එහි වගකීම් ඉටු කිරීමට හැකි වූ බවය.

මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය පක්ෂය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කිරීමත් සමග ඔවුන්ට මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි විය.

 

 

Related posts

ගුරු සහ විදුහල්පතිවරු අද (22) සිට අඛණ්ඩව සති දෙකක් අකුරට වැඩ

Editor O

පොල් පැළ ලක්ෂ පහක් නොමිලේ බෙදා දීමේ වැඩසටහනක්

Editor O

அலோசியஸ் உடன் தொலைபேசியில் உரையாடியவர்கள் தொடர்பில் பாராளுமன்றத்தில் அறிக்கை

Mohamed Dilsad

Leave a Comment