Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් දිනවන්න ගම්පහ ආසනයේ පක්ෂ තුනක් ඒකාබද්ධ වැඩසටහනක

(UTV | කොළඹ) –

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති බවට පත් කිරීම සඳහා ගම්පහ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකසා තිබෙනවා.

ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මෙම ඒකාබද්ධ වැඩපිළිවෙල සකස් කර ඇති බව සඳහන්. ගෙන්ගෙට යාම්, ඡන්ද පොළ නියෝජිතයන් පත් කිරීම, කුඩා ජන හමු මෙන්ම, ඩිජිටල් තාක්ෂණය උපයෝග කර ගනිමින් සිදු කරන මැතිවරණ මෙහෙයුම් කටයුතු ඒකාබද්ධව සිදු කිරීමට මෙහිදී සියලු පක්ෂ වලින් සමන්විත ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක්ද පත් කළ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

Related posts

ගිලන් රථයකට පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පළමු මාස 03 රටේ ආදායම ට්‍රිලියනයයි : වියදම ට්‍රිලියන එකහමාරයි

Editor O

සවස් වරුවේ පළාත් කීපයකට තද වැසි

Mohamed Dilsad

Leave a Comment