Trending Newsඑසැන පුවත්දේශීය

හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉෂ්මයිල් ඝාතනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙළා දකී.

(UTV | කොළඹ) –

හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉෂ්මයිල් හනියා ඝාතනය තමා කිසිවිටෙකත් අනුමත නොකරන බව හා එය තරයේ හෙළාදකින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා හිටපු මහජන නියෝජිත හමුවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

හමාස් නායක ඉස්මයිල් හනියේ ව අද (31) උදෑසන ඉරානයේ ටෙහෙරාන් අගනුවර දී එල්ලකළ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ පාන්දර 2ට පමණ ඔහු නවාතැන් ගෙන සිටි නිවස ට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බවයි. එම ප්‍රහාරයෙන් හමාස් නායකයාගේ ආරක්ෂකයෙක් ද මරුමුවට පත්වුණි. ඉරාන නව ජනාධිපති මසූඩ් පෙසේෂ්කියන් ගේ පදවි ප්‍රාප්තියට ඊයේ (30) හනියේ එක්වී සිටි අතර අනතුරුව ඔහු ඉරාන ජනපතිවරයාව සහ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමෙනි ව හමුවී තිබුණි.

මේ අතර, ඉරානයේදී සිදුවූ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස ජාතික ආරක්ෂව පිළිබඳව කමිටුවක්, ආර්ථිකය පිළිබඳව කමිටුවක් මෙන්ම එම කමිටු දෙකෙහි කටයුතු අධීක්ෂණයට ඉහළ මට්ටමේ කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Related posts

சொந்த சகோதரியை வன்புணர்விற்கு உட்படுத்தி வந்த ஒருவர் கைது

Mohamed Dilsad

Priyanka Chopra named second ‘Most Beautiful Woman in the World’

Mohamed Dilsad

අන්තවාදී මත පැතිරවූ තවත් දෙදෙනෙක් TID අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment