දේශීය

අන්තවාදී මත පැතිරවූ තවත් දෙදෙනෙක් TID අත්අඩංගුවට

(UTV | කොළඹ) – අන්තවාදී මත පැතිරවීම සහ ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ත්‍රස්ත ක්‍රියා සිදුකිරීමට මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ (25) පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ.   

මෙහිදී එක් පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන් වන අතර ඔහු 46 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු පසුගිය දෙසැම්බර් 5 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවන ලද පුද්ගලයෙකු බවද අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ අතර ඊයේ (25) දිනයේදී මඩකලපුව කාත්තාන්කුඩි ප්‍රදේශයේදී 49 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු සමාජ මාධ්‍ය ජාල හරහා පාස්කු ප්‍රහාරය සාධාරණීයකරණය කරමින් මත ඉදිරිපත්කර තිබූ පුද්ගලයෙකි.

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරුවෙකු වන සහරාන්ගේ සමීපතමයෙකු බවට ද ඔහුව හඳුනාගෙන තිබේ.

සැකකරු කොළඹට රැගෙනවිත් වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

 

Related posts

මැතිවරණ දිනයේ නීති විරෝධී ක්‍රියා වාර්තා කරන්න විශේෂ දුරකථන අංක

Editor O

මැතිවරණ ගැසට්ටුවට එරෙහි පෙත්සම් අද 5 වන දිනයටත්

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) වැඩබලන්න ලලිත් පතිනායක පත් කරයි.

Editor O

Leave a Comment