Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටුව හැර ගිය අයට ඡන්ද ගෙනියන්න බැහැ – ජොන්ස්ටන් ප්‍රනාන්දු

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කවුරු ගියත් ඡන්දදායකයන් පක්‍ෂය හැර නොයන බවත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා හැර කවුරු පක්‍ෂය හැර ගියත් ඔවුන්ට ඡන්ද රැගෙන යා නොහැකි බවත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

මන්ත්‍රීවරයා එසේ පැවසුවේ කොළඹ දී අද (31) පැවැති මාධ්‍ය හමුවකදීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 92 ක් පක්‍ෂයේ තීරණයට විරුද්ධ වී නොමැති බවත් එම පිරිසේ සමහරුන් මෙහෙත් සිටිමින් රඟපෑමක් කරන බවත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. රනිල් වික්‍රමසිංහ මහතා ළගට ගිය අයත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පිංතුරය ගහගෙන පාර්ලිමේන්තුවට ආපු අය. ඔවුන් ගමට ගොස් මහින්ද මහත්තයා අගමැති කරන්න ප්‍රාදේශීය සභා අපේක්‍ෂකයට ඡන්දය දෙන්න කියපු අය  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනම මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මත තිබීම නිසා ජනතාව පක්‍ෂය හැර යන්නේ නැහැ. ගිය අය ඡන්ද 200 ක්, 500 ක් හෝ 1000 ක් ගෙනියාවි.

කවුරු ගියත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොවැටෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු තුනක් තියාගෙන රටක් හොල්ලන්න පුළුවන් කියලා හිතං ඉන්නවා. පක්‍ෂය හැරදා ගිය පිරිස යෑමට හේතුව කුමක්ද යන්න ජනවතාව දන්නවා. පක්‍ෂය රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දෙන්න තීරණය කළේ නම් ඔවුන් සජබෙට යන බවත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. එසේ වූයේ නම් නඩු බේරගන්න ගියේ ගියා කියනවා. අලුත් ඡන්ද ලක්‍ෂ 15 කට වැඩියෙන් ගතහැකි අපේක්‍ෂකයෙක්  ඉදිරිපත් කරන වා. යැයි ද කීවේය.

Related posts

හෙට සිට වෘත්තීය ක්‍රියාමාර්ග දැඩිකරමින් ඉදිරියටම

Mohamed Dilsad

Kim Jong-un calls for ‘positive and offensive’ security policy

Mohamed Dilsad

நாட்டின் பெரும்பாலான பிரதேசங்களில் குளிரான நிலை

Mohamed Dilsad

Leave a Comment