Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටුවේ අය රනිල්ට සහය නොදීමෙන්, පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ ගැටළුවක් මතුවෙයි ද…?

(UTV | කොළඹ) –

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදී  වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ  තීරණයේ සිටින මහින්ද රාජපක්ෂ සහ  නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන්ට ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්වල අසුන් ගැනීමට සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණින් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට වූ ස්ථාවරයේ සිටින කණ්ඩායමට ඇතුළත් වන්නේ මන්ත්‍රීවරුන් විස්සකට අඩු පිරිසකි. මෙතෙක් කල් ආණ්ඩුවේ කටයුතුවලට සහාය දුන් එම පිරිස වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සහාය දීමත් සමඟ විපක්ෂයේ භූමිකාව ඉටු කරන පිරිසක් බවට නිතැතින්ම පත්වන බවද දේශපාලන විශ්ලේෂකයන් සඳහන් කරයි.

සෙසු මන්ත්‍රීවරුන්  ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම්වලදී  මේ පිරිස සභාවේ   අසුන් ගැන්වීම  සම්බන්ධයෙන්  ප්‍රශ්න කිරීමට සූදානම් වන බවද  දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට මතයේ සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායමේ සිටින අමාත්‍යවරුන් සහ  රාජ්‍ය ඇමතිවරුන්ද පක්ෂයේ තීරණයත් සමඟ කිසියම් අර්බුදකාරී තැනකට  ගොස් ඇති අතර ආණ්ඩුවට විරුද්ධ මතයක සිට එම තනතුරු දැරීමද  ගැටලුකාරීවී ඇතැයි ද සදහන්.

Related posts

පොලී රහිත ශිෂ්‍ය ණය අයදුම්පත් කැදවීම මැයි 20 න් අවසන්

Mohamed Dilsad

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

Mohamed Dilsad

தொடர்ந்து மழை பெய்தால் களனி , களு , கிங் நீர்மட்டம் அதிகரிக்கலாம்

Mohamed Dilsad

Leave a Comment