Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

නේපාලයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් ගුවන් යානා කාර්මිකයන් ඇතුළු 18 දෙනෙක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) –

නේපාලයේ කත්මණ්ඩු අගනුවර අද (23) උදෑසන සිදුවූ ගුවන්යානා අනතුරකින් 18 දෙනෙක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි. නේපාලයේ සයුරා ගුවන් සේවයට අයත් යානයක් මෙසේ කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරට ලක්වන විට එම යානයේ කාර්ය මණ්ඩලයේ 2ක් ඇතුළුව 19 දෙනෙක් ගමන් කර තිබේ. අනෙක් 17 දෙනා වෙනත් ගුවන්යානයක් අලුත්වැඩියා කිරීම සඳහා පොකාරා ගුවන්තොටුපොළ වෙත යමින් සිටි සයුරා ගුවන්සේවයේ සේවක පිරිසකි. සහන සේවකයින් පවසන්නේ එම යානයේ සිටි පිරිසෙන් 18 දෙනෙක් මියගොස් ඇති බවත් ගුවන් නියමුවා පමණක් බේරී ඇති බවයි.  ඔහු මේ වනවිට රෝහල්ගත කර සිටියි.

Related posts

Taylor Swift emerges as highest-paid celebrity on Forbes Celebrity 100 list

Mohamed Dilsad

India and Pakistan set to meet in ICC Champions Trophy final

Mohamed Dilsad

15 வயது கொழும்பு பாடசாலை மாணவி தற்கொலையின் காரணம் வெளியானது…

Mohamed Dilsad

Leave a Comment