Trending Newsඑසැන පුවත්දේශීය

සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන සහිතව ඒකමතිකව සම්මතයි

(UTV | කොළඹ) –

සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී  ඊයේ  (23)  ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත වූහ.  පනත් කෙටුම්පත දෙවන වන කියවීමේ විවාදය ඊයේ  (23) පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වූණු  අතර ඉන් පසු එළැඹි කාරකසභා අවස්ථාවේදී පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කෙරිණ.

සිවිල් නඩු විධාන සංග්‍රහයේ වගන්ති සංශෝධනය කිරීම සඳහා අධිකර‍ණ, බන්ධනාගාර කටයුතු හා ආ‍ණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  විජේදාස රාජපක්ෂ මහතා  එම පනත් කෙටුම්පත පසුගිය  මැයි 13 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මේ අතර අධිකරණ සංවිධාන පනත යටතේ අංක 2360/22 සහ 2371/13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරනු ලැබූ නියෝග සඳහා ද  පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිණ.

Related posts

நஜீப் ரசாக் இல்லத்தில் இருந்து பல லட்சம் நகைகள் பறிமுதல்

Mohamed Dilsad

Special sitting of Parliament on Tuesday

Mohamed Dilsad

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

Leave a Comment