Trending Newsඑසැන පුවත්දේශීය

දැනුම කේන්ද්‍රීය ආර්ථිකය ගොඩනැගීම සඳහා සෑම දිස්ත්‍රික්කයකටම ප්‍රජා විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරනවා – විපක්ෂ නායක

(UTV | කොළඹ) –

දැනුම කේන්ද්‍රීය ආර්ථිකය ගොඩනැගීම සඳහා බුද්ධිමතුන්ගෙන් සපිරි ජන සමාජයක් නිර්මාණය කළ යුතු බවත් ඒ සඳහා විවෘත ප්‍රජා විශ්වවිද්‍යාල 24ක් දිස්ත්‍රික්ක 24 තුළ නිර්මාණය කළ යුතු බවත් දැනටමත් විවෘත විශ්වවිද්‍යාල ලංකාවේ ඇති බවත් එහි ශිෂ්‍යයකු ලෙස තමා අදහස් කරන්නේ විවෘත ප්‍රජා විශ්වවිද්‍යාල දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කර උසස් අධ්‍යාපනය සඳහා ඇති ප්‍රවේශය වැඩි කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

උගතුන්ගේ බුද්ධිමතුන්ගේ අවස්ථාව මේ නිසා වැඩි වන බවත් වැඩි වැඩියෙන් උගතුන් බුද්ධිමතුන් හා විද්වතුන් බිහි වන බවත් මේ තුළින් උසස් අධ්‍යාපනයට බොහෝ අයට ප්‍රවේශය ලැබෙනවා මෙන්ම ඉහළ නිපුණතාව සහිත රැකියාවකට යා හැකි පරපුරක් නිර්මාණය වන බවත් ඊට අමතරව ජීවිත කාලය පුරාම ඉගෙනීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කළ හැකි බවත් මේ ප්‍රජා විවෘත විශ්වවිද්‍යාල සංකල්පය නාගරික හා ග්‍රාමීය සංවර්ධනයට ඉවහල් වන බවත් මේ තුළින් නම්‍යශීලී උපාධි වැඩසටහන්, නම්‍යශීලී ඉගෙනුම් විකල්ප හා ප්‍රජා සහභාගීත්ව වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඒ අනුව සමගි ජන බලවේග රජයක් තුළ විවෘත ප්‍රජා විශ්වවිද්‍යාල සංකල්පය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය තුළ ආරම්භ කර උගතුන් බුද්ධිමතුන් ජන සමාජයේ බිහි කරන දැවැන්ත අධ්‍යාපනික සංවර්ධන වැඩසටහනට යොමුවන බවත් මේ සඳහා අපේ රටේ දූදරුන්ගේ හා තාරුණයයේ ප්‍රවේශය වැඩිවන විට නිපුණතාවෙන් ඉහළ රැකී රක්ෂා කළ හැකි ශ්‍රම බලකායක් නිර්මාණය වන විට වයස් භේදයකින් තොරව වැඩිහිටි ප්‍රජාවට අධ්‍යාපනයට යොමුව උපාධි ලබා ගත හැකි මාර්ගය සකස් වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මහනුවර උඩුනුවර දවුල්ගල වැලිගල්ල උඩුඅළුදෙණිය මහා විද්‍යාලය සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 351 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය.

https://balavegaya.lk/wp-content/uploads/2024/07/WhatsApp-Image-2024-07-22-at-09.39.46_e8f14ec8-1536x1023.jpg

Related posts

22 වනදා රටම ඇණ හිටිනවා – වෘත්තීය සංගම්

Mohamed Dilsad

நாட்டில் எதுவித உரத் தட்டுப்பாடும் கிடையாது

Mohamed Dilsad

Pakistan appreciates Sri Lanka’s role in UN peacekeeping missions

Mohamed Dilsad

Leave a Comment