Trending Newsඑසැන පුවත්දේශීය

ඇප ලැබූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ විහාරයට වඩිති

(UTV | කොළඹ) –

අන්‍ය ආගමට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදු කළේ යැයි වසර හතරක සිර දඬුවමක් ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්  ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද(22) නියෝග කළේය.

අභියාචනාධිකරණය ලබා දුන් නියෝගය ක්‍රියාත්මක කරමින් ඇප ලබාදීම සිදු කෙරිණ. මහාධිකරණය ලබාදුන් වසර හතරක සිර දඬුවමට අදාළ, නඩු තීන්දුවට  එරෙහිව ඥානසාර හිමියන් විසින්  අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර එම පෙත්සම විභාග කර තීන්දුවක් ලබා දෙන තෙක් ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම මහාධිකරණය විසින් මීට පෙර ප්‍රතික්ෂේප කර තිබිණි.

ඉන් පසු අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළ අතර අභියාචනාධිකරණය ලබා දුන් නියෝගය ප්‍රකාරව ඇප නියම කරන බව මහාධිකරණ විනිසුරුවරයා  සඳහන් කළේය. රුපියල් පනස්දහසක මුදල් ඇපයක් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත ස්වාමීන් වහන්සේ මුදාහරින ලෙස නියෝග කළේය.

අභියාචනාධිකරණ නඩුව විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් විදෙස් ගමන් තහනම් කළ මහාධිකරණ විනිසුරුවරයා ගුවන් ගමන් බලපත්‍රය මහාධිකරණයේ තැන්පත් කරන ලෙසටද දැනුම් දුන් අතර, ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා වෙත යොමු කරන ලෙසද දන්වා සිටියේය.

Related posts

කොළඹ තවත් ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

මහෙස්ත්‍රාත්වරයාගේ මෝටර් රථය කොල්ලකෑ සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

பத்தரமுல்ல, செத்சிறிபாய முன்னாலுள்ள வீதிக்கு பூட்டு

Mohamed Dilsad

Leave a Comment