Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් රු 20,000 කින් වැඩි කළොත්, එය ගෙවීමට වසරකට රු. බිලියන 275ක් අවශ්‍යයි.

(UTV | කොළඹ) –

ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 20,000ක වැඩි වීමක් සමග වැටුප් ගෙවීමට වාර්ෂිකව රුපියල් බිලියන 275ක මුදලක් අවශ්‍ය බවත් එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1%ක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියයි.

එම මුදල උපයා ගැනීම සඳහා දැනට පවතින වැට් බදු අනුපාතය 4 %කින්, එනම් බදු අනුපාතය 22% දක්වා ඉහළ නැංවිය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මීට අමතරව ආයතනික බදු අනුපාතය 42% මට්ටමට පත් කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

කෙනේ එවැනි තත්ත්වයක් යටතේ ආර්ථිකය තවදුරටත් පීඩාවට පත් විය හැකි අතර අයවැය හිඟය වැඩි වීම සේම ණය ප්‍රතිව්‍යුහගත ආපසු හැරවීමේ පියවක් විය හැකි බව සේමසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මේ හේතුවෙන් අභියෝගයට ලක් විය හැකි අතර රට යළිත් 2022 දී අත්විඳින ලද දරුණු ආර්ථික හා සමාජීය තත්ත්වයන් වෙත ගමන් කිරීම ද සිදු විය හැකි බව හෙතෙම පෙන්වා දෙයි.

ආර්ථිකය තිරසර වර්ධනය සඳහා පුද්ගලයෙකුගේම සහ ආයතනයක සහයෝගීතාව අවශ්‍ය වන අතර ජනතාවගේ අඛණ්ඩ සහයෝගය ඇතිව මෙම අභියෝගවලට මුහුණ දෙමින් වඩාත් ශක්තිමත් ආර්ථිකයක් කරා ගමන් කළ හැකි බව සේමසිංහ මහතා වැඩි දුරටත් පවසයි.

Related posts

වර්ෂාව හේතුවෙන් ගංගවතුර අනතුරු ඇඟවීම් නිකුත් කෙරෙයි

Mohamed Dilsad

Kelaniya University to reopen today

Mohamed Dilsad

Restaurant shut down for barring traditional Saudi garb

Mohamed Dilsad

Leave a Comment