Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණ දිනය ගැන මැතිවරණ කොමිසමේ අදහස

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය එළඹෙන ජූලි 17 වනදායින් පසු ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව  සඳහන් කරයි. එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට ජුලි 17 වනදායින් පසු පසු කොමිෂන් සභාවට බලය ලැබෙන බවයි.

ඒ අනුව, මැතිවරණ කොමිසම රැස්වී ජනාධිපතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනය තීරණය කරන බව  සභාපතිවරයා සඳහන් කළේය. මෙවර ජනාධිපතිවරණය සඳහා 2024 ඡන්ද හිමි නාමලේඛනය යොදාගැනීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිසන් සභාවේ ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ ඡන්ද හිමි නාමලේඛනයට අත්සන් කිරීමේ කටයුතු ඉදිරි දින කිහිපය තුළ සිදුකිරීමට නියමිත බවය.

කෙසේවෙතත් ජනාධිපතිවරණය පැවැත්වීම කල්දමන ලෙස ඉල්ලා මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ව්‍යාපාරිකයෙකු විසින් ගොනුකර ඇති අදාළ පෙත්සම හෙට (08) දිනයේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලීමට නියමිතය.

එහිදී ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් යම් වාරණ නියෝගයක් ප්‍රකාශයට පත් වුවහොත් මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වනු ඇති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය.

Related posts

President to visit Republic of Korea tomorrow

Mohamed Dilsad

Sri Lanka and Nepal to promote tourism

Mohamed Dilsad

இன்று(26) இரவும் ஊரடங்கு சட்டம் அமுலுக்கு.

Mohamed Dilsad

Leave a Comment