Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීයවිදෙස්

ඉන්දියාවට එරෙහි 20-20 තරඟයෙන් සිම්බාබ්වේ ජයගනී

(UTV | කොළඹ) –

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර ඊයේ පැවැති විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය ලකුණු 13කින්  සිම්බාබ්වේ කණ්ඩායම ජයගත්හ.

තරගයේ කාසියේ වාසීය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක ශුබ්මන් ගිල් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දු  වාර  20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 115ක් රැස් කරගෙන තිබුණා.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ක්ල්යිව් මැන්ඩාඩ් නොදැවී ලකුණු 29ක් රැස් කළ අතර ඩියොන්ල මේයර්කුස්ණු  23ක් රැස් කළේය. පන්දු යැවීමේදී රවී බිෂ්නෝයි කඩුලු 04ක් දවාගත්තේය.  ලකුණු 116ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 102ක් පමණි. ඒ අනුව තරග 03කින් සමන්විත 20යි 20 තරගාවලිය 1 – 0ක් ලෙස සිම්බාබ්වේ කණ්ඩායම පෙරමුණේ සිටී.

Related posts

මැරතන් ධාවකයාව ඝාතනය කරයි

Mohamed Dilsad

වාහන ගෙන්වීම පිළිබඳ තීරණයක්

Editor O

லங்கா சதொச இணையவழி பரிவர்த்தனையூடாக மின்- வணிக பணிகளை ஆரம்பிக்கவுள்ளது!

Mohamed Dilsad

Leave a Comment