Trending Newsඑසැන පුවත්දේශීය

රට බේරගන්න පොහොට්ටුව තීරණයක් ගනී.

(UTV | කොළඹ) –

රට ගැන සිතා ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි. කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකදී බැසිල් රාජපක්ෂ මහතා එසේ පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා  මෙසේ ද කීවේය. “මේ පක්ෂට ඉදිරියට ගෙනයාමේදී රජයේ පාර්ශ්වයක් ලෙස අපි කටයුතුකරන හැම වේලාවෙම ජනාධිපතිතුමනි ඔබට අපි උදව් කළේ කිසියම් බයකටත් නෙමෙයි. ඒ වගේම අපි බයත් නෑ ණයත් නෑ  කියලා සඳහන් කරන්නේ ඉතාම ගෞවරයෙන්. අපේ පක්ෂයේ සියලුදෙනාම තීන්දුවක් අරගත්තා ඒ අවස්ථාවේ හැටියට මේ රට බේරා ගැනීමට හැකියාව තියෙන්නේ ඔබතුමාට කියලා. අන්න ඒ අවස්ථාවේදී අපි ඒ සහයෝගය අවංකව දුන්නා අද දක්වා. ඉදිරියටත් ඒ සහයෝගය දක්වනවා කියන එක අපි කියනවා. ඒ කරන්නේ රට වෙනුවෙන් හා මේ රටේ ජනතාව වෙනුවෙන් කියන එක ඒ රටත්, ජනතාවත් ආරක්ෂා කරන තාක්කල් ඔබතුමාට සියලු ශක්තිය ලබාදෙනවා කියලා ඔබතුමාට සඳහන් කරනවා.”

එම උත්සවයට එක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ අභියෝග බාර ගනිමින් රට ඉදිරියට ගෙනයන නායකත්වය සමග ජනතාව කටයුතු කළ යුතු බවය.

Related posts

Saudi King off to Indonesia with 459 tonnes of luggage

Mohamed Dilsad

President congratulates Cricket Team

Mohamed Dilsad

“We will continue to support Sri Lanka” – UN Secretary General assures President

Mohamed Dilsad

Leave a Comment