Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුකාරවරු මැතිවරණ නීතිය උල්ළංඝනය කළාද ..? මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

(UTV | කොළඹ) –

නීති විරෝධීව ලබා දී ඇති පත්වීම් වහා අවලංගු කරන්නැයි මැතිවරණ කොමිසම සියලු පළාත් ආණ්ඩුකාරවරුන්ට ලිඛිතව දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ , පළාත් පාලන මැතිවරණය කල් දමා ඇතත් පළාත් පාලන මැතිවරණ නීතිය මේ වනවිට බලාත්මක බවයි. ඒ අනුව එම නීතිය බලපවත්වන කාලය තුළ කිසිදු දේශපාලන පක්ෂයක් ,ෙ අපේක්ෂකයින් මෙන්ම කණ්ඩායමක් ප්‍රවර්ධනය නොවන සේ කටයුතු කළ යුතු බවයි.

එසේ වුවද‍ ඇතැම් පළාත් ආණ්ඩුකාරවරුන් විසින් පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු අධීක්ෂණයට හිටපු පළාත් පාලන නියෝජිතයින් සහ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති අපේක්ෂකයින්ට පත්වීම ප්‍රදානය කර ඇති බවට මැතිවරණ නිරීක්ෂකයින් පැමිණිලි ඉදිරිපත් කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

ඒ අනුව එසේ දී ඇති පත්වීම් අවලංගු කරන ලෙසත් ලබාදීමට සූදානම් කර ඇති පත්වීම් පිරි නැමීමෙන් වළකින ලෙසත් පළාත් ආණ්ඩුකාරවරන්ට දැනුම් දුන් බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ ය. මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාටද ලිඛිතව දැනුම් දී තිබේ. මේ අතර, පළාත් පාලන ආයතනවල රාජ්‍ය සම්පත් අවභාවිතය වහාම නතර කරන්නැයි පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට හා පළාත් පාලන කොමසාරිස්වරුන්ට ලිඛිතව දැනුම් දී තිබේ.

Related posts

ஷாபி சிஹாப்தீனின் அடிப்படை உரிமை மீறல் மனு விசாரணை ஒத்திவைப்பு

Mohamed Dilsad

இன்றைய வானிலை…

Mohamed Dilsad

Decision to Close Meat Shops and Bars in Kandy

Mohamed Dilsad

Leave a Comment