Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දීයාවට

(UTV | කොළඹ) –

වසර 17කට පසු 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම අද (29) සමත්විය.  ඒ 2024 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 7කින් පරාජයට පත්කරමිනි.

බාබෙඩෝස් හි පැවති මෙම තරගයේ කාසියේ වාසිය ඉන්දිය නායකයා දිනා ගත් අතර පළමුවෙන් පන්දුවට පහරදීමට ඔහු තීරණය කළේය. ඒ අනුව, පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 34ක් තුළ දවා ගනිමින් දකුණු අප්‍රිකා පන්දු යවන්නන් ඉන්දීය කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල කළේය.

මෙම තරගාවලියේදී අසාර්ථක වු විරාත් කෝලි අවසන් තරගයේදි ලකුණු 76ක් රැස් කරමින් අවශ්‍යම මොහොතේ සිය පිත්ත ක්‍රියාත්මක කළේ ඉන්දීය ඉනිම ඔසවා තබමිනි. අක්ෂා පටෙල් ලකුණු 47ක් සහ ෂිවම් ඩුබේ ලකුණු 27ක් රැස් කළ අතර ඒ අනුව ඉන්දීය කන්ඩායම නියමිත පන්දුවාර 20දි කඩුලු 7ක් දැවී ලකුණු 176ක් රැස් කිරීමට සමත්විය.

කේෂාව් මහරාජ් සහ ඇන්රික් නෝකියා කඩුලු 2 බැගින් දවාගත්හ. ලකුණු 177ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකා කණ්ඩායමට නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 169ක් පමණි. දකුණු අප්‍රිකා ඉනිම වෙනුවෙන් හෙන්රික් ක්ලාසන් ලකුණු 52ක් රැස්කළ අතර ක්වින්ටන් ඩි කොක් ලකුණු 39ක් රැස්කළේය. ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා සහ අර්ෂ්දීප් සිං කඩුලු 2ක බැගින් දවාගත් අතර හර්දික් පාණ්ඩ්‍යා කඩුලු 03ක් දවාගත්තේය.

මෙවර 20යි 20 ලෝක කුසලානයේ ශූරයින්ට පිරිනැමෙන කුසලානය ක්‍රීඩාංගණය වෙත රැගෙන ආවේ බාබෙඩෝස් අග්‍රාමාත්‍යවරිය සහ කොදෙව් හිටපු සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් විසිනි.

Related posts

தாக்குதல் நடத்த தயாராகும் பிரான்ஸ்

Mohamed Dilsad

‘වත්මන් ආණ්ඩුව ඉවත්විය යුතුයි යන ස්ථාවරයේ දැන් 113 වෙනුවට 120ක්ම ඉන්නවා’

Mohamed Dilsad

Colombo MC seeks Police, military assistance to nab people disposing waste illegally

Mohamed Dilsad

Leave a Comment