දේශීය

‘වත්මන් ආණ්ඩුව ඉවත්විය යුතුයි යන ස්ථාවරයේ දැන් 113 වෙනුවට 120ක්ම ඉන්නවා’

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 120ක පිරිසක් මේ වන විට වත්මන් ආණ්ඩුව ඉවත්විය යුතුයි යන ස්ථාවරය දරණ බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ පක්ෂ කාර්යාලයේ අද (25) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු ගම්මන්පිල මහතා,

“113 හදන කල් පොඩ්ඩක් ඉන්න කියලා අපි සජබ යෙන් ඉල්ලීමක් කළා. ඔන්න දැන්නම් 113 වෙනුවට 120ක්ම හැදිලා තියෙනවා. ඉතිරි 39ය 65ට එකතු කරාම දැන් 104යි.

ඊට පස්සේ අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වර්තමාන ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට පොහොට්ටුවේ මන්ත්‍රීවරු දසදෙනෙක් ලිඛිත ප්‍රකාශයක් සිදුකළා.

104යි 10යි දැන් 114යි.

20 වන සංශෝධනයේ දී සිට ආණ්ඩුවට සහාය පළ කරමින් සිටි විපක්ෂයෙන් මුස්ලිම් මන්ත්‍රීවරු තුන්දෙනෙක් ආණ්ඩුවට ලබාදෙන සහාය ඉවත්කර ගෙන තමන්ගේ පක්ෂවලට යළි ගොණු වුණා.

දැන් 114යි තුනයි 117යි. ඒ වගේම නාලක ගොඩහේවා ඇමතිතුමත් ඩලස් අලහප්පෙරුම හිටපු ඇමතිතුමත් කෝප් සභාපති චරිත හේරත් මන්ත්‍රීවරයාත් තමන් අන්තර්කාලීන ආණ්ඩුවකට ඉඩ සලසමින් තමන් වහාම ඉවත්විය යුතු බවට ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කළා.

ඒ තුනත් එකතු කළාම දැන් 120යි. ඒ කියන්නේ වර්තමාන ආණ්ඩුව ඉවත්විය යුතුයි කියන මතයේ දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 120ක්ම සිටිනවා.

ඒ වගේම දැනට තමන්ගේ මතය ප්‍රසිද්ධ නොකළ පොහොට්ටුවේ මන්ත්‍රීවරු විශාල පිරිසක් විශ්වාසභංගයක දී සහාය දැක්වීමට සිටින බව මම ඉතාම විශ්වාසයෙන් ප්‍රකාශ කරනවා.”

Related posts

අනාරක්ෂිත ලෙස ධාවනය කළ තරුණයින් 4 දෙනා අත්අඩංගුවට

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් 22 ක් පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

වතු ජනතාවගේ ගැටළුවලට විසඳුම් දීමට සැබෑ වුවමනාවක් තිබෙන්නේ ලංකා කම්කරු කොංග්‍රසයට පමණයි. – පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන්

Editor O

Leave a Comment