Trending Newsඑසැන පුවත්දේශීය

අධිකරණ ඇමතිට එරෙහි වාරණ නියෝගය තව දුරටත් දීර්ඝ කරයි.

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම සහ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස පිළිගැනීම වළක්වමින් නිකුත්කර තිබූ වාරණය ලබන 09 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා අද (25) නියෝග කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් එම පක්ෂයේ සරත් ඒකනායක, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ,වැඩ බලන මහ ලේකම් ලෙස පත් වූ කීර්ති උඩවත්ත, සහ අනුශාසක මෛත්‍රිපාල සිරිසේන මහත්වරුන්ට එරෙහිව මැයි 28 පැවරු නඩුව කැඳවීමෙන් පසුව මෙම වාරණ නියෝග දීර්ඝ කෙරින.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත් කිරීම, වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක සහ සභාපති නිමල් සිරිපාද සිල්වා මහත්වරුන්ගේ පක්ෂ කටයුතුවලට බාධා කිරීම වළක්වමින්ද වාරණද දීර්ඝ කිරීමට අතිරේක දිසා විනිසුරුවරයා නියෝග කළේය.  විත්තියේ විරෝධතා සහ උත්තරය එදිනට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේය.

Related posts

සම්පත් අමරතුංග UGC නව සභාපති තනතුරට

Mohamed Dilsad

US warns Beijing on South China Sea islands

Mohamed Dilsad

மஹிந்த தலைமையில் இன்று தேர்தல்கள் ஆணைக்குழுவில் சந்திப்பு

Mohamed Dilsad

Leave a Comment