Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

කොදෙව් එක්දින කාන්තා ක්‍රිකට් තරඟාවලිය 3-0 ලෙස ශ්‍රී ලංකාව ජයගනී.

(UTV | කොළඹ) –

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලිය, තරග 3 ට බින්දුවක් ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජය ගත්හ. තරගය පැවැත්වුණේ, හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 275 ක් රැස් කළේය. චමරි අතපත්තු ලකුණු 91 ක් ලබා ගත්තාය. ඇයගේ ඉනිමට 6 පහර දෙකක් සහ 4 පහර 10 ක් ඇතුළවිය. නිලක්ෂිකා සිල්වා ලකුණු 63 ක් ලබා ගත්තාාය. අනුෂ්කා සංජීවනී ලකුණු 53 ක් සහ විශ්මි ගුණරත්න ලකුණු 44 ක් රැස් කළහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වූයේ, පන්දුවාර 34 යි පන්දු 5 ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 115 ක් පමණි. පන්දු යැවීමේදී සචිනි නිසංසලා ලකුණු 28 කට කඩුලු 5 ක් බිඳ දැමුවාය. තරඟයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සචිනි නිසංසලා සම්මාන දිනා ගත්තාය, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස විශ්මි ගුණරත්න ඇගයීම් ලැබුවාය.  කණ්ඩායම් ද්විත්වය අතර මීළඟ පළමු 20-20 තරගය ලබන 24 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Related posts

Party’s survival not reliant on personalities, UNP Natl. Organizer says

Mohamed Dilsad

උදයංග වීරතුංග යලි රිමාන්ඩ් [UPDATE]

Mohamed Dilsad

කාලගුණ තත්ත්වය

Editor O

Leave a Comment