Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටුවේ ප්‍රතිපත්තිවලට එකඟ නැති අයට යන්න පුළුවන්

(UTV | කොළඹ) –

තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි හා එම ප්‍රතිපත්ති ආරක්ෂා කළ හැකි අයකු විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.

තවද පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමට පමණක් එන සහ පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලා දැන් වෙනම ගොස් සිටින අය සමග කිසිදු සන්ධානගත වීමක් සිදු නොකරන බවද නාමල් රාජපක්ෂ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසීය.

පොහොට්ටුව සමඟ ගොස් ජයග්‍රහණය කිරීමට නොහැකි බව ජනාධිපතිවරයාගේ කඳවුරේ සිටින කොටසක් පවසන බව කී රාජපක්ෂ මහතා එසේනම් පොහොට්ටුව අතහැර යාමට ඔවුන්ට කිසිදු බාධාවක් නැති බවද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා නීතිඥ නුවන් බෝපගේ

Editor O

Commonwealth Secretary-General to visit Sri Lanka this week

Mohamed Dilsad

ஐக்கிய நாடுகள் சபையின் நிரந்தரப் பிரதிநிதியை சந்தித்த ஜனாதிபதி

Mohamed Dilsad

Leave a Comment